ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක උසාවි යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා බද්දක් අය කිරීම දේශීය ආදායම් දෙපාර්තරෙම්න්තුව ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, සීමිත පන්දුවාර තරග නායක චරිත් අසලංක සහ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා විසින්.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමටයි දේශීය ආදායම් දෙපාර්තරෙම්න්තුව තීරණය කළේ.
ඊට එරෙහි පෙත්සම අද (18) කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාධිකරණයේ වැඩබලන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ බව සඳහන්.
එහිදී අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම ලබන 28 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.