දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් රිමාන්ඩ්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස 10 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු අද (03) ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
2023 දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වරෙන්තු ලැබ සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය 19 වැනිදා මෝසමක් මාර්ගයෙන් අධිකරණයට භාර වුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පොලිස්පතිවරයා රිට් පෙත්සමක් ගොනු කිරීමටයි, කටයුතු කළේ.
එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පසුගියා 17 වැනිදා පියවර ගත්තා.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණා.
කෙසේ වෙතත් ඔහු සොයා පොලිස් කණ්ඩායම් කීපයක් යොදා තිබුණ ද එම ක්‍රියාවලිය සාර්ථක වූයේ නැහැ.