සංඥා පුවරු 200 සඳහා අවරෝහණ ගණනය කිරීමේ යන්ත්‍ර

සංඥා පුවරු 200 සඳහා අවරෝහණ ගණනය කිරීමේ යන්ත්‍ර

නගරවල සවිකර ඇති සංඥා පුවරු 200 සඳහා අවරෝහණ ගණනය කිරීමේ යන්ත්‍ර සවිකිරීමට තීරණය කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම මාර්ග සංඥා ක්‍රියාත්මක වන විට රිය ධාවනය කළ යුතු වේලාව නියමිත පරිදි රියදුරන්ට දිස්වනහෙයින් එම වේලාව එනතුරුව එම වාහනයේ එන්ජිම නවතා තැබීමට හැකිය.

පළමු අදියර සඳහා රුපියල් මිලියන 56 මුදලක් එම අරමුදල විසින් ලබාදීමට නියමිත අතර ඉන් මිලියන 33ක් පසුගියදා එම අධිකාරිය වෙත ලබා දි ඇත.

එමගින් ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇතිවන අතර අත්‍යවශ්‍ය වායු විමෝචනයද අවම වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

චන්දන ලක්මාල්

Share This