ආරක්ෂක නියෝජ්‍ය ඇමති රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය ගැන සොයා බලයි
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්රතිලාභ සම්බන්ධව පවතින ගැටළු නිරාකරණය පිළිබඳ සොයාබැලීම සඳහා වන සාකච්ඡාවක් ඊයේ (දෙසැ 11) නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්වුණා.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් – ආරක්ෂක, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
අදාළ ගැටළු විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහා කැපවූ මණ්ඩලයක් පත් කරන ලෙසයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබාදී තිබුණේ.
මෙම මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අතිරේක ලේකම් – ආරක්ෂක නම් කරන ලද අතර, රණවිරු සේවා අධිකාරියෙහි සභාපතිවරයා, අදාළ ත්‍රිවිධ හමුදා අධ්යක්ෂ මණ්ඩලවල අධ්යක්ෂවරුන් සහ අනෙකුත් අදාල ක්ෂේත්රයන්හි ප්‍රධාන නිලධාරීන් ද ඊට ඇතුළත්.
රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ අවශ්‍යතා සහ ගැටලු නිසි ලෙස හඳුනා ගැනීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබූ අතර, හඳුනාගනු ලබන ගැටළු සඳහා ක්ෂණික විසඳුම් ලබාදීම මෙම මණ්ඩලයට පැවරී තිබේ.
ව්‍යුහගත සහ සහයෝගී ප්‍රවේශයක් තුළින් රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහතික කිරීමට සහ ඔවුන්ගේ අවශ්‍යතා ඵලදායී ලෙස විසඳීම සඳහා වන රජයේ කැපවීම මෙම මුලපිරීම මගින් අවධාරණය කර ඇත.