ඩෙංගු ව්‍යාප්තවීම ඉහළට

දිවයිනේ දැනට පවතින කඩින් කඩ වැසි හේතුවෙන් ඩෙංගු යළි ව්‍යාප්තවීමේ අවදානමක් මතුවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.
ගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 11.000ක් වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇත.
එම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අද (27) සිට (29) දක්වා දිස්ත්‍රික්ක අටක ක්‍රියාත්මකය.
ඒ අනුව ඝනත්වය ඉහළ අගයක් පවතින කොළඹ ගම්පහ කළුතර රත්නපුර මඩකලපුව ත්‍රිකුණාමලය මාතලේ සහ මාතර යන දිස්ත්‍රික්ක වලට මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.
නිවාස පාසල් වැඩ බිම් කර්මාන්තශාලා ආගමක ස්ථාන සහ පොදු ස්ථාන එහිදී පරීක්ෂාවට ලක් කරනු ඇත.
චන්දන ලක්මාල්