සහල් මිල ඉහළ යාමත් සමඟ බලංගොඩ, තිරිඟු පිටි ඉල්ලුම වැඩි වෙලා
වෙලෙඳපොළේ පවතින සහල් හිඟයත් සමග සහල් මිල ඉහළ යෑම හේතුවෙන්, ජනතාව විසින් වැඩි වශයෙන් විකල්ප භාණ්ඩ මිලදී ගැනීමට යොමුව තිබෙනවා
විශේෂයෙන්ම මේ දිනවල තිරිඟු පිටි සඳහා පවතින පාරිභෝගික ඉල්ලුම 80%කින් පමණ ඉහළගොස් තිබෙන බවයි බලංගොඩ ප්රදේශයේ වෙළෙඳසැල් හිමියන් සඳහන් කළේ.
මීට පෙර තිරිඟු පිටි සඳහා වැඩි ඉල්ලීමක් පැවතියේ, වතු ජනතාවගෙන්.
කෙසේ වෙතත් මේ වනවිට ප්රදේශයේ සහල් හිගයත් සමඟ සහල් මිල ඉහළ යෑමෙන් පසු අනෙක් ජනතාවගෙන්ද තිරිඟු පිටිවලට වැඩි ඉල්ලුමක් පවතින බව බලංගොඩ ප්රදේශයේ වෙළෙඳසැල් හිමියන් පෙන්වා දුන්නා.
තිරිඟු පිටි ඉල්ලුම ඉහළ යෑමත් සමඟ බලංගොඩ ග්රාමීය ප්රදේශවල ඇති සිල්ලර වෙළෙඳසැල්වල තිරිඟු පිටි හිඟයක් ද ඇති වෙමින් තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
බලන්ගොඩ – නලින්ද වෙලබොඩ