අරගලකරුවන්ට එරෙහිව ගොනු කළ නඩු ගැන තීරණයක් ගන්නවා

අරගලකරුවන්ට එරෙහිව ගොනු කළ නඩු ගැන තීරණයක් ගන්නවා

ගාලු මුවදොර පැවැති ආණ්ඩු විරෝධි විරෝධතාවලට සහභාගී වූ අයට එරෙහිව නඩු ගොනු කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්. ගොනු කර ඇති නඩු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කියාසිටියා.

“අපේ ආණ්ඩුව ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා. ඒ ගැන නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා අධිකරණ ඇමතිවරයා, මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ඉදිරිපත් කරාවි. ඒ කියන්නේ සමහර නඩු ගොනුවීමේදී ප්‍රශ්නයක් තියෙනවා. ඉතිං ඒ සමස්ථයට එක පිළිතුරක් ලබා දෙන්නට බැහැ. නමුත් ඒ එකිනෙක නඩු කටයුතු සලකලා බලලා යම් සාධාරණ විසඳුමක් ලබා දෙන්න නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වන බව කියන්න පුළුවන්.”

Share This