රාජ්‍ය නිළධාරීන්ගේ ඇප ආඥා පනත සංශෝධනය කිරීමේ තීරණයක්
රාජ්‍ය නිලධාරීන්ගේ ඇප ආඥාපනත අනුව, රාජ්‍ය නිලධාරීන් සඳහා ඇපකරයක් නියම කිරීම මඟින් එකී රාජ්‍ය නිලධාරියා ස්වකීය රාජකාරී ඉටු කිරීමේදී තමා අතින් රජයට සිදුවිය හැකි පාඩු ඔහු විසින් තබන ලද ඇපකරයෙන් අය කර ගැනීම සිදුකරනු ලබනවා.
එම ක්‍රියාවලිය සරල හා කාලෝචිත අයුරින් සිදුකිරීමට හැකි වන පරිදි රාජ්‍ය නිලධාරීන්ගේ අප ආඥාපනත පූර්ණ ප්රතිශෝධනයකට ලක් කිරීමට අවශ්‍ය සංශෝධන හඳුනාගැනීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීමට 2023.11.20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව එකී නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාව මත පදනම්ව රාජ්‍ය නිලධාරීන්ගේ ඇප ආඥාපනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝනාව අමාත්‍ය මණ්ඩලය විසින්.