බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්

ඉන්ධන මිල සංශෝධනය සමඟ බස් ගාස්තු වැඩීමක් ඉදිරි දින දෙකේදී තීරණය කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.
කොමිසම් සභාව රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යක්ෂක ජෙනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේය.
ජූලි 01 වෙනිදා දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණු බස් ගාස්තු සංශෝධනය අද (01) දිනයේදී ක්‍රියාත්මක නොකරන බවයි එම අධ්‍යක්ෂවරයා කියා සිටියේ.
ඊයේ (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැණින.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 289කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 305කි.
ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇත.
මෙම මිල ගණන්වලට සමගාමීව ඉන්දියන් ඔයිල් සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
චන්දන ලක්මාල්