ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් තැබීම හෙට

ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබීම හෙට (07) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata මහතාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එක්වීමට නියමිත බවයි, මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.
සංශෝධිත ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිතයි.