හඳුනානොගත් උණ රෝගයක් හේතුවෙන් යාපනයේ මිය ගිය සංඛ්‍යාව ඉහළට

හඳුනානොගත් උණ රෝගයක් හේතුවෙන් යාපනයේ මිය ගිය සංඛ්‍යාව ඉහළට

යාපනය දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත වන බව කියන හඳුනා නොගත් උණ රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දින දෙකක් ඇතුළත් අදාළ මරණ වාර්තාවී ඇති බවයි, අප වාර්තාකරු සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය අද (11) පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කිරීමක් ද සිදු කළා.

“යාපනය දිස්ත්‍රික්කයේ යම් උණ රෝගයක් වාර්තා වනවා. යාපනය කියන්නේ, පහුගිය කාලයේ තිබ්බ වර්ෂා සහිත තත්ත්වයත් එක්ක. ගං වතුර තත්ත්වයක් තිබුණ ප්‍රදේශයක්. මේ වනවිට අදාළ පරීක්ෂණ සිදු කරමින් තත්ත්වය තහවුරු කරගැනීමක යෙදෙනවා. තහවුරු වූ වහාම මේ බව දැනුම් දෙන්නම්. තාම නිශ්චිත වශයෙන් මේක මී උණ කියලා තහවුරු වෙලා නැහැ.”

සබැඳි පුවත්..!

හඳුනානොගත් උණ රෝගයක් හේතුවෙන් යාපනයේ තිදෙනෙක් මරුට

Share This