නිලාවෙලී වෙරළ තීරයට මියගිය කැස්බෑවන් ගොඩ ගසයි

නිලාවෙලී වෙරළ තීරයට මියගිය කැස්බෑවන් ගොඩ ගසයි

ත්‍රිකුණාමලය නිලාවෙලී වෙරළ තීරයට මේ දිනවල මියගිය කැස්බෑවන් ගොඩගැසීමට පටන්ගෙන ඇති බවට ප්‍රදේශවාසීන් පවසනවා.

නිලාවෙලී වෙරළ තීරයේ රාජකාරියේ නිරත පොලිස් නිළධාරීන් පැවසූයේ අද (16) හා ඊයේ (15) දින දෙක තුල වෙරළ තීරයට ගොඩගසා තිබූ කැස්බෑවුන් හයදෙනෙකු වෙරළේ මියගොස් සිටියදී වළදමා ඇති අතර මේ සම්බන්ධයෙන් පරවි දූපතේ වනජීවී නිළධාරීන් ද දැනුවත් කළ බවයි.

තුවාල ලබා ඇති කැස්බෑවුන් ද මේ අතර සිට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩී.එම්.ජී. වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඉන්දියන් ට්‍රෝලිං බෝට්ටු දැල් වලට පැටලෙන කැස්බෑවුන් මෙලෙස දැල් කපා මුදට විසිර ඇති බවට සැක කරන බවත් මෙය නිවැරදිව තහවුරු කරගත යුතු බවයි.

Share This