කාන්තා එක්දින ලෝක කුසලානයට දින නියම වෙයි

කාන්තා එක්දින ලෝක කුසලානයට දින නියම වෙයි

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 30 සිට නොවැම්බර් මස 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකෙහි ස්ථාන 05ක මෙම තරග පැවැත්වෙන බව ජගත් ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

ඒ අනුව බැංගලූරු, ගුහාටි, ඉන්ඩොර්, විසාකපට්නම් සහ කොළඹ යන නගර කේන්ද්‍ර කරගමින් අදාළ තරගාවලිය පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව, බංගලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා යන  කණ්ඩායම් 8ක් ක්‍රීඩා කරනු ඇත.

Share This