Update – ඩේසි ආච්චිට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඩේසි ෆොරස්ට් මහත්මිය ඇප මත මුදාහැරීම කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, රුපියල් ලක්ෂ 50 බැගින් වූ පුද්ගලික ඇප 3ක් මතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (05) පෙරවරුවේ ඇය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. (update 16.41)
රටම දන්න ඩේසි ආච්චි අත්අඩංගුවට
ඩේසි ෆොරස්ට් මහත්මිය මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. (update 13.59)