යාන වාහන ලාභ ලබන දිනක්
අද දවස ඔබට කොහොම ද?
2024.12.26 බ්‍රහස්පතින්දා
රාහු කාලය
අද – 01.50 සිට 03.20 දක්වා
හෙට – 10.50 සිට 12.20 දක්වා
මේෂ
තරමක් අවිවේකී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ගමන් බිමන් ද බහුල වෙයි. තරමක් විනෝද ක්‍රියාවන්හි යෙදෙන අතර වැයපස ද නොසිතූ ලෙසින් වැය වෙයි. සිරෝ රෝග, පාද රෝග මතු කරයි.
ශුභ වර්ණය – තැඹිලි/ ජය අංකය – 05
වෘෂභ
තරමක් ක්‍රියාකාරකම් බහුල වෙයි. ගමන් බිමන් ද යෙදේ. උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. පැරණි මිතුදම් වර්ධනය වන අතර යාන වාහන ලාභ ලබන දිනකි. සෙම් කෝප රෝග ද මතු කරයි.
ශුභ වර්ණය – ක්‍රීම්/ ජය අංකය – 02
මිථුන
උනන්දුවෙන් ක්‍රියා කරන ප්‍රීති සමාගම්වල ද යෙදෙන විනෝදජනක දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. භූමි ලාභ සම්පත් ගෙන දෙන අතර තම ඇසුරින් දුරස්ථ වූවෝ සමීප වේ. මුත්‍රා ආසාදන රෝග ද මතුවේ.
ශුභ වර්ණය – කොළ/ ජය අංකය – 07
කටක
ප්‍රීති සාද මංගල සාද වැනි දේවල්වලට හේතුයි. අලංකාර දේවල් සඳහා වැය ඉහළයි. නවක මිතු දම් ඇති වෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වන දිනකි. හදිසි ධන වාසනා දේ. ආමාශගත රෝග මතු කරයි.
ශුභ වර්ණය – කහ/ ජය අංකය – 06
සිංහ
ක්‍රියාශීලී දිනකි. උත්සව සැනකෙළි වැනි දේවල්වල යෙදේ. තම ළඟම ඥාතීන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට සිදුවන අතර නොසිතූ ලෙස වැයපස ද ඉහළ යයි. දහමට ලැදිව ද ක්‍රියා කරයි. අක්මා, වකුගඩු ආශ්රිත රෝග මතු කරයි.
ශුභ වර්ණය – නිල්/ ජය අංකය – 01
කන්‍යා
ක්‍රියාශීලීව වැඩ කටයුතුවල යෙදේ. තම අරමුණුවලට අමතර ළඟම ඥාතීන්ගේ අවශ්‍යතා සඳහා මිල මුදල් සහ කාලය ද වැය කිරීමට සිදුවේ. තෘප්තිමත්ව ක්‍රියා කරන දිනකි. හදිසි ලාභ ද ලබයි. සන්ධි ප්‍රදාහ රෝගවලට හේතුයි.
ශුභ වර්ණය – රෝස/ ජය අංකය – 03
තුලා
ගමන් බිමන් බහුල වන අතර විනෝද ගමන් යෙදේ. අලංකාර දේ සඳහා වැයපස ඉහළ යයි. තම ඥාතීන් සමග සුහදතාව ඇති කරවන ක්‍රියා යෙදේ. ණය තුරුස් වීමට ඉඩ තිබේ. කාය ස්වාස වැනි රෝගවලට හේතුයි.
ශුභ වර්ණය – සුදු/ ජය අංකය – 07
වෘශ්චික
අවිවේකී බව ඇති වෙයි. ප්රීිතිසාද උත්සව වැනි දේවලට හේතුයි. අලංකාර කටයුතු සඳහා වැය පස ඉහළ යයි. ණය තුරුස්වලට ද හේතුයි. අමතර ලාභ ද ලබයි. මූලාර්ශස් රෝග, බඩවැල් රෝග මතු කරයි.
ශුභ වර්ණය – රතු/ ජය අංකය – 04
ධනු
තනි තීරණ මත ක්‍රියා කිරීමෙන් බාධා ඉස්මතු වෙයි. පොදු සේවා කටයුතු සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. අනවශ්‍ය ලෙස විය පැහැදම් ඇතිවන ණය තුරුස්වලට හේතු වෙන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි.
ශුභ වර්ණය – තද කහ/ ජය අංකය – 01
මකර
ක්‍රියාකාරී දිනකි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට හේතුයි. රාජකාරි ස්ථානවල පැවැති සතුරන් දමනය වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. තරමක් වැයපස ඉහළයි. කොන්දෙ අමාරු වාත රෝග සාදයි.
ශුභ වර්ණය – තද දුඹුරු/ ජය අංකය – 08
කුම්භ
ඍජු ගුණයෙන් ක්‍රියා කරයි. ප්‍රීති උත්සව සාද වැනි දේ යෙදේ. අලංකාරය සඳහා වැයපස ද ඉහළ යයි. දහමට ද ලැදිව ක්‍රියා කරයි. මහජන ප්‍රසාදයට ලක්වෙයි. හදිසි ධන ලාභ ලබයි. ස්නායු ගත රෝග මතු කරයි.
ශුභ වර්ණය – නිල්/ ජය අංකය – 05
මීන
අවිවේකී ගති ඇති කරයි. රාජකාරි බහුල වෙයි. ලිපි ලේඛනවලින් ජය දෙන දිනකි. සිත් චංචල කර වන ප්‍රශ්න ද මතු කරයි. ඉඩකඩම් මිලට ගැනීමට ශුභයි. හදිසි ධන වාසනා එල්ල වේ. සෙම් කෝප රෝග මතුවේ.
ශුභ වර්ණය – දම්/ ජය අංකය – 09