සතුරු බාධා ඉවත් වෙයි

අද දවස ඔබට කොහොම ද?

සතුරු බාධා ඉවත් වෙයි

2024.12.17 අඟහරුවාදා

රාහු කාලය

අද – 03.15 සිට 04.45 දක්වා
හෙට – 12.15 සිට 01.45 දක්වා

මේෂ

ක්‍රියාකාරකම් බහුල දිනකි. සතුරු බාධා ඉවත් වෙයි. ඇසුරු කරන්නන් අතර තම වටිනාකම ප්‍රදර්ශනය වෙයි. අමතර ලාභ ලැබීම් ඇති වෙයි. පරාර්ථකාමීය. ශිරෝ රෝග මතු කරයි.

ශුභ වර්ණය – තැඹිලි/ ජය අංකය – 05

වෘෂභ

දුර ගමන්වලට හේතුයි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම්වල ද යෙදේ. අවිවේකීය. එනිසාම අතපසුවීමේ ප්‍රවණතාවය ඇතිවෙයි. දෙවරක් සිතා බලා දවසේ ක්‍රියාකළ යුතුය. සෙම් බහුල රෝග මතුකරයි.

ශුභ වර්ණය – රන්වන්/ ජය අංකය – 02

මිථුන

ගමන් බිමන් තරමක් බහුල වෙයි. අවශ්‍ය වියපැහැදම් ඇති කරයි. උත්සව සභාවන් වැනි දේවල් ද යෙදේ. ලිපි ලේඛන තුළින් ජය ගෙන දෙයි. සතුරන් දමනය කරගැනීමේ ශක්තිය දෙයි. ආමාශගත රෝග මතුවේ.

ශුභ වර්ණය – සුදු/ ජය අංකය – 08

කටක

අවිවේකී දිනකි. රාජකාරි මෙන්ම පුද්ගලික ක්‍රියාකාරකම් බහුල වෙයි. තරමක් ආවේගශීලී ගති මතුකරයි. නමුත් වාද විවාද ශුභවාදී නොවන අතර හදිසි ධන ලාභ ද දෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මතුවේ.

ශුභ වර්ණය – කහ/ ජය අංකය – 04

සිංහ

ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දෙයි. කෙටි ගමන් යෙදේ. තරමක් අලස ගති ඉස්මතු කරයි. තම ළඟම ඥාතියකු වෙනුවෙන් වැයපස ඉහළ යයි. සතුරන් දමනය වෙයි. සෙම් කෝප රෝගවලට හේතුයි.

ශුභ වර්ණය – ළා දම්/ ජය අංකය – 01

කන්‍යා

ශුභාශුභ පල දෙයි. රාජකාරි බහුල වෙයි. අවිවේකී බවක් ගෙන දෙයි. කලකිරීම් ඇතිකරවන ප්‍රශ්න මතුකරයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සිරසගත රෝගවලට හේතුයි.

ශුභ වර්ණය – කොළ/ ජය අංකය – 06

තුලා

ශුභාශුභ මිශ්‍ර පල උදාකරයි. හුදෙකලාගති මතුවෙයි. තම නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. දහමට ළැදිව ක්‍රියාකරයි. සමාජ සද්කාරක ක්‍රියාවන්හි යෙදේ. සෙම් ආසාදන රෝගවලට හේතුයි.

ශුභ වර්ණය – ක්‍රීම්/ ජය අංකය – 03

වෘශ්චික

සාමාන්‍ය ලෙසින් දවස ගෙවෙයි. සාමාන්‍ය ලෙසින් රාජකාරිවල යෙදෙන අතර තම වෙළහෙළෙඳාම්වලින් ජයගෙන දෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ද ඉහළ යයි. මුඛ රෝග, දන්ත රෝග මතුකරයි.

ශුභ වර්ණය – රතු/ ජය අංකය – 07

ධනු

ශුභවාදී පල දෙයි. තරමක් සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. රැකියාවන්හි අවබෝධයෙන් යෙදේ. තම ව්‍යාපාරවලද පැහැදිලි දියුණුවකට හේතුයි. යටපත්ව තිබූ රෝග නැවත මතු කරයි.

ශුභ වර්ණය – රෝස/ ජය අංකය – 01

මකර

ශුභාශුභ පල දෙයි. තරමක් අලසව ක්‍රියාකරයි. තමන් ගැන කලකිරීම් මතුවෙයි. අතමිට තරමක් හිඟවෙයි. ඇසුරු කරන්නන්ගෙන් උදව් උපකාර වැනි දේ ලබයි. වාතාධික රෝග පැනනඟියි.

ශුභ වර්ණය – නිල්/ ජය අංකය – 09

කුම්භ

ශුභාශුභ මිශ්‍ර පල දෙයි. රාජකාරිවල ප්‍රබෝධවත්ව යෙදේ. සමාජ සද්කාරක ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ ද අවශ්‍යතා මත දවස ක්‍රියාකරයි. අමතර ලාභ ලැබෙයි. සෙම් ආසාදන රෝග මතුවේ.

ශුභ වර්ණය – තද දුඹුරු/ ජය අංකය – 05

මීන

ශුභවාදී පල මතුවෙයි. තම අරමුණු තරමක් ජයගනී. කලක් මනසට වධ දුන් ප්‍රශ්න නිරාකරණය වෙයි. ඥාති සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභ ද ලබයි. උදරාබාධ බඩවැල් රෝග මතුවෙයි.

ශුභ වර්ණය – තද කහ/ ජය අංකය – 07

Share This