ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්

ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්

ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් දේශීය සහ විදේශීය ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වී ඇති බවයි ජපාන ගුවන් සේවය නිවේදනය කළේ.

එරට මාධ්‍ය වාර්තා අනුව අවම වශයෙන් අභ්‍යන්තර ගුවන් ගමන් 09ක් පමණ ප්‍රමාද විය හැකි අතර පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව ද සඳහන්.

එමෙන්ම මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් මගී ගමන් මලු කළමනාකරණ ක්‍රියාවලියට ද බාධා එල්ල වී තිබෙනවා.

මෙම සිදුවීමත් සමග ජපාන ගුවන් සමාගම, පිටත්වන දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ටිකට් අලෙවිය ද තාවකාලිකව අත්හිටුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම ගුවන් සේවය ජපානයේ දෙවන විශාලතම ගුවන් සමාගම ද වනවා.

Share This