නීති විරෝධී දුම්වැටි සමගින් රේගු නිලධාරියෙක් අත්අඩංගුවට

නීති විරෝධී දුම්වැටි සමගින් රේගු නිලධාරියෙක් අත්අඩංගුවට

නීති විරෝධී දුම්වැටි සමගින් රේගු නිලධාරියකු ඇතුළු තවත් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (11) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් විසින් රුපියල් අනූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී මෙරට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

දුම්වැටි තොගය මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහායකයා ඩුබායි සිට මෙරට ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ .

ඔවුන්ව අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

චන්දන ලක්මාල්

Share This