Crystal Symphory සංචාරකයින් රැගෙන ත්‍රිකුණාමලයට
විවිධ රටවල්වල සංචාරය කරමින් සංචාරකයන් 550 දෙනෙක් රැගත් ” M.V.Crystal Symphory ” නැමති නෞකාව අද (23) ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමල අෂ්රොප් ජැටියට සේන්දු වූහ. ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඇමරිකාව ආදී රටවල් රැසක සංචාරකයන් මෙම නෞකාවෙන් ත්‍රිකුණාමලයට ගොඩ බැස්ස අතර ඔවුන් ත්‍රිකුණාමලය, සීගිරිය,හබරණ ආදී ප්‍රදේශවල සංචාරය කිරීමට අවශ්‍ය පහසුකම් යොදා තිබුණි. බහාමාස් රාජ්‍යයේ ලියාපදිංචි මෙම නෞකාවේ 497 ක කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර මෙම පිරිස ත්‍රිකුණාමලයේ එක් දිනක සංචාරයක නිරතවේ.නැගෙනහිර පළාතේ සංචාරක කේන්ද්‍රස්ථානයක් වන ත්‍රිකුණාමලයට මෙම සංචාරකයන් පැමි
ණීම නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තයට විශාල පිටුවහලක් වනු ඇති බව සංචාරක කර්මාන්තකරුවෝ පවසති .
