E-8 වීසා ගැටලුව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරයි
E-8 වීසා ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඒ ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුමකට ප්‍රධාන ආරාධියතා ලෙස එක් වෙමින්. සංක්රමණිකයින්ගේ හඬ ජාලය විසින් අදාළ වැඩසටහන සංවිධාන කර තිබූ බවයි, විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ.
“ මේ වෙද්දි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගෙන ගිය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ අවසන් වෙලා තියෙනවා. අවුරුදු 4ක කාලයක් පුරා වාරික කිහිපයකට රටට ප්රදානය කෙරුණේ ඩොලර් බිලයන 3ට ආසන්න මුදලක්. අවුරුදු 4ක කාලයකට අයි.එම්.එෆ් එකෙන් ලැබුණු ඩොලර් බිලියන 3ට වඩා වැඩිමුදලක් මේ අවුරුද්දෙ මුල් මාස 8ක කාලය තුළ අපට ලැබුණේ අපේම විදෙස්ගත ඥාතීන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්.
මේ අවුරුද්දෙ අගෝස්තු දක්වා ලැබුණු පවුල් ප්‍රේෂණවල වටිනාකම ඇ.ඩො. බිලියන 4.28ක්. මහබැංකු වාර්තාවලට අනුව මේ නොවැම්බර් මාසයේ යම් පසුබෑමක් තිබුණත්, මේ අවුරුද්දෙ ජනවාරි සිට නොවැම්බර් දක්වා රටට ලැබුණු පවුල් ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 5,961.6 ක්. එහෙමත් නැතිනම් බිලියන 5.96ක්.
ඉතිං අපි අපේ රටේ ආර්ථිකය ගොඩනගන මේ ‘රටවිරුවන්ට’ ඇත්තටම ගරු කළ යුතුයි. ඔවුන්ගේ ශ්රමයට නිසි වටිනාකමක් දිය යුතුයි. අන්න ඒ නිසයි මේ වගේ වැඩසටහන් වැදගත් වෙන්නේ.
පසුගිය රජය කාලයේ මේ වගේ රට රැකියාවලට ගිය අපේම සහෝදර සහෝදරියන්ට ‘රට විරුවන්’ කියලා නමට උස්සලා තිබ්බට ඒ ගරු සරු නම්වලට මුවාවෙලා කරලා තිබුණේ හොඳ වැඩ නෙවෙයි.
උදාහරණයක් විදිහට රට විරුවන්ට සලකන්න කියලා විද්‍යුත් වාහන ආනයනය කරන්න අවසර දුන්නා කියලා ලොකු ප්‍රචාරයක් ගියා. ඒත් ඇත්තටම සිද්ධවෙලා තිබුණේ මහා පරිමාණ වංචාවක්.
ඒ බව විගණන වාර්තාවලින් පවා ඔප්පු වෙලා තියෙනවා. කොරියාවේ රැකියා සඳහා හරි පාරෙන් යැවීම වෙනුවට E-8 කැටගැරියේ රැකියා සඳහා හොර පාරෙන් යවලා පහුගිය කාලේ ප්‍රශ්නයක් වුණා.
වර්තමානයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමා ඒ සම්බන්ධයෙන් සී.අයි.ඩීයට පැමිණිලි කරලා දැන් විමර්ශන යනවා.
ඉතිං අපේ රජයට ආව ගමන් කරන්න තිබුණේ හැම ක්ෂේත්රයකම වගේ විදේශ රැකියා ක්ෂේත්රයේත් පහුගිය රජයන් කරපු වැරදි නිවරදි කරන්න පියවර ගන්න එකයි. ඉතිං අපි දැන් ඒක කරගෙන යනවා.”