ක්‍රිකට් නැති පාසල්වලට ක්‍රිකට් උපකරණ බෙදයි

ක්‍රිකට් නැති පාසල්වලට ක්‍රිකට් උපකරණ බෙදයි

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක වන පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාත් පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීම අද (06) සිදු කෙරිණි.

ඒ, ‘ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේශයන් වැඩිදියුණු කිරීම තුළින් ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කුසලතා සහිත දරුවන් හඳුනා ගැනීම’ අරමුණු කර ගනිමිනි.

මෙහිදී ශක්තිමත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය කිරීම සඳහා පදනමක් ගොඩනැගීමටත්, මානව සම්පත හඳුනා ගැනීම තුළින් ක්‍රිකට් ක්‍රීඩාව කර්මාන්තයක් ලෙස වර්ධනය කිරීමටත් බලාපොරොත්තු වේ.

බස්නාහිර පළාතේ තෝරාගත්, නව (දැනට ක්‍රිකට් ක්‍රීඩාව නොපවතින) පාසල් 30 ක් සඳහා පැති විකට්, ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ලබා දීම මෙහිදී සිදු කෙරිණි.

Share This