ආසියානු රටවල් තුළ යළිත් කොවිඩ්

ආසියානු රටවල් තුළ යළිත් කොවිඩ් වයිරස් නවතම උප ප්‍රභේදයක් ව්‍යාප්ත වී ඇත.
මේ වන විට කොවිඩ් වයිරසයේ නවතම උප ප්‍රභේදයක් වන JNl වයිරසය ආසියානු කලාපයේ රටවල් රැසකට ව්‍යාප්ත වීම ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
මෙම නව ප්‍රභේදය වන JNl වයිරසය හොංකොං සිංගප්පූරුව සහ අසල්වැසි ඉන්දියාවෙන්ද හඳුනාගෙන ඇති බව ඉන්දියා මාධ්‍ය ප්‍රකාශ කරයි.
මේ වන විට මිනිසාගේ ප්‍රතිශක්තිය අඩුවීම මත මෙම වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් මතුව ඇති බවයි ලෝක සෞඛ්‍ය අංශ පවසන්නේ.
ඉන්දියාවෙන් මෙම නව වයිරසය ආසාදිත පුද්ගලයින් 257 දෙනකු මහාරාෂ්ට ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති අතර ඉන් මරණ දෙකක් වාර්තා වී ඇති බවයි .
සතියක් තුළ රෝගීන් සංඛ්‍යාව12සිට56 දක්වා වැඩිවීම හේතුවෙන් මෙම වෛරසය වැළඳී පුද්ගලයින් වැඩි අවධානයක් යොමු කර ඇති බවයි ඉන්දියන් සෞඛ්‍ය අංශ පවසන්නේ.
කොවිට් වෛරසයට පොදු රෝග ලක්ෂණ වන කැස්ස .හිසරදය. උගුරේ වේදනාව. සෙම් ප්රතික්ෂාව. ගඳ සුවඳ හා රස නොදැනීම මෙම වයිරසයේප්රධාන රෝග ලක්ෂණ වන අතර ඇඟපත වේදනාව වමනය අධික තෙහෙට්ටුව මාංශ පේශී වේදනාව ආහාර රුචිය අඩු වීමේ රෝග ලක්ෂණ වේ.
කෙසේ වෙතත් රෝගීන් වාර්තා වීම ඉහල යාමක් පැවතීම හමුවේ යළිත් සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කරන ලෙසසෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දේ.
කෙසේ වෙතත් මේ දක්වා මෙම වෛරසය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැත බව වෛද්‍යවරුන් පවසයි.
චන්දන ලක්මාල්