නඩු භාණ්ඩයක් සොරාගෙන පෙම්වතාට තෑගි කළ අධිකරණ නිලධාරීනයක් රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ
නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ, නඩු භාණ්ඩ කාමරයේ තිබූ වටිනා දුරකථනයක් සොරකම් කර සිය පෙම්වතාට ත්‍යාග ලෙස ලබා දුන් අධිකරණ නිලධාරිනිය ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මෙනවිය නියෝග කර තිබෙනවා.
එම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබු, නඩු භාණ්ඩයක් වන වටිනා දුරකථනයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පසුගියදා (22) නුවරඑළිය පොලීසියට, නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණා.
එම පැමිණිල්ල අනුව සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ සේවයේ නියුතු කාන්තාවක් නඩු භාණ්ඩයක් වන වටිනා ජංගම දුරකථනයක් සොරාගෙන සිය පෙම්වතාට තෑගි වශයෙන් ලබා දී ඇති බවටයි.
ඒ අනුව නිලධාරීන් විසින් දුරකතන දත්ත පරීක්ෂා කර ලබාගත් තොරතුරු අනුව අස්ථානගත වූ දුරකථනය භාවිත කළ පුද්ගලයා සොයාගෙන තිබෙනවා.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ සේවය කරන සිය පෙම්වතිය විසින් අදාළ දුරකථනය තමන්ට තෑගි වශයෙන් දුන් බවටයි පවසා ඇත්තේ.
ඉන් අනතුරුව නඩු භාණ්ඩ කාමරයේ තිබූ වටිනා දුරකථනය සොරා ගත්තා යැයි පවසන කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (30) දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඉන් අනතුරුව සැකකාර කාන්තාව එළඹෙන ජනවාරි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකානංගනී මෙනවිය නියෝග කළේ.
අකිලා නදීෂානි බණ්ඩාර