සජබයේ ජාතික ලැයිස්තුවට අධිකරණයෙන් වාරණ නියෝගයක්

සජබයේ ජාතික ලැයිස්තුවට අධිකරණයෙන් වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පුරප්පාඩු පිරවීම සඳහා නම් යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

Share This