නිරතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වෙයි

නිරතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර පුත්තලම නුවරඑළිය සහ මහනුවර අද (20) ඇතැම් ස්ථානවලට මි.මි. 75 පමණ තරමක තද වැසී ඇතිවිය හැකිය.
නැගෙනහිර පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
බස්නාහිර සබරගමුව වයඹ මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
චන්දන ලක්මාල්