නැවතත් බහලුම් රථ තදබදයක්

කොළඹ වරාය තුළ නැවතත් බහලුම් රථ තදබදයක් නිර්මාණය වෙමින් පවතින බව වහලුම් රට හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පවසයි.
අද (25) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ පැවසීය.
ශ්‍රී ලංකා වරායට අයත් භූමියකකොටසක් රේගුවට ලබා දෙමින් තදබදය අවම කිරීම සඳහා පසුගියදා සියලු පහසුකම් සහිත භූමියක් වෙන්කර දී තිබුණද මේ වනර් තෙක් එම භූමියට කිසිදු රථයක් ඇතුළත් කර නොමැති බවය.
එබැවින් කන්ටේනර් රථ රියදුරන් සහ හිමිකරුවන් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවයකට පත්ව ඇති අතර මහළුම් තදබදයක් නැවතත් ඇතිවුවොත් භාණ්ඩ ප්‍රවාහන නෞකා වෙනත් වරායට ගමන් කිරීමේ අවදානමක් ඇති බැවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ආහාර බහලුන් රටවල ඇති බැවින් ඒවා කල් නිකුත් වීමේ හැකියාවක් ඇති බවත් සභාපතිවරයා පවසයි.
චන්දන ලක්මාල්