බහාලුම් ට්‍රක් රථ රියදුරන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන අනතුරු අඟවයි
ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදයන් මෙම සතිය වන විට විසඳා නොගතහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බවට බහාලුම් ට්‍රක් රථ රියදුරන්ගේ සංගමය අනතුරු අඟවා තිබෙනවා.
පසුගියදා මාධ්‍ය අමතමින් බහාලුම් ට්‍රක් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදය බහාලුම් ට්‍රක් රථ රියදුරන් දැඩි අපහසුතාවයට පත් කර ඇති බවයි.
ට්‍රක් රථ රියදුරන් මූලික සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම ඇතුළු දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බව හෙළි කළ ඔහු, මෙම ප්‍රමාදයන් මෙම සතිය තුළ විසඳා නොගතහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව පවසනවා.
එලෙස ගන්නා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආනයන හා අපනයන යන අංශ දෙකටම බලපාන බවට අනතුරු ඇඟවූ ඔහු, අදාළ ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැතිකම ප්‍රමාදයන්ට හේතු වී ඇති බවටයි චෝදනා කළේ.
රේගුවට අමතරව, අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන ද දිනකට පැය 24 පුරාම වැඩ කළ යුතු බව පවසමින්, ගැටළුව විසඳීම සඳහා රජය, ආරක්ෂක හමුදා නිලධාරීන් අදාළ රාජකාරි සඳහා යෙදවිය යුතු බවට යෝජනා කර තිබෙනවා.