කටුනායක නව මගී පර්යන්තයේ ඉදිකිරීම් ජුනි ඇරඹේ

කටුනායක නව මගී පර්යන්තයේ ඉදිකිරීම් ජුනි ඇරඹේ

ජයිකා ආධාර මත කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ලබන ජූනි මාසයේදී එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකි වන බවයි වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ.

නව මගී පර්යන්තය ඉදිකිරීමත් සමග 2028 වසර වනවිට කටුනායක ගුවන්තොටුපොළේ වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව මිලියන 15ක් දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බව ද ඔහු පැවසුවේ.

Share This