මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 168ක් ගැන පොලිසියට පැමිණිලි

පොලිස් මාධ්‍ය කොට්ඨාස සඳහන් කළේ මේ වන විට පළාත් පාලන ඡන්ද වීමසීම සම්බන්ධයෙන් පැමිණිලි 168 ලැබී ඇති බවයි.
ඒ අනුව අපරාධ පැමිණිලි 36ක් සහ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 132 ක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 79දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර මෙවර පළාත් පාලන ආයතන ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් 18 දෙනකු වන අතර වාහන 14ක් මේ වන විට පොලිසිය භාරයට ගෙන ඇති බවයි.
චන්දන ලක්මාල්