ගසක අත්තක් කඩා වැටී මියගිය රැඳවියන්ට වන්දි
මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටීමෙන් මියගිය රැඳවියන් සඳහා වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මියගිය ගිය එක් රැඳවියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේ.
තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කර සිටි සෙසු රැඳවියන්ද ප්‍රතිකාර ලබා බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා.
පසුගිය 01 වැනිදා මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 10 දෙනෙකු තුවාල ලැබුවා.
එම සිද්ධියෙන් බන්ධනගාරයේ ගොඩනැගිලි දෙකකට ද හානි සිදුව තිබු අතර එක් ගොඩනැගිල්ලක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට අවසන් කිරීමටයි පියවර ඇත්තේ.