සබගරමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මරණයට හේතු හොයන්න කමිටුවක්

සබගරමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යාපීඨයේ දෙවන වසරේ සිසුවෙකුගේ හදිසි මරණයට හේතු වූ කරුණ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ සඳහා පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇති අතර එම වාර්තාව ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගතයුතු සියලු පියවර විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගැනීමට නියමිතය.
එවැනි සිදුවීමක් අනාවරණය වුවහොත් ඊට වගකිවයුතු සියලු පාර්ශ්වයන්ට පවත්නා නීතියට අනුකූලව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යංශය සඳහන් කරයි.
එසේම මෙම සිදුවීමට සම්බන්ධ අයවලුන් ලෙස දක්වමින් විවිධ පුද්ගලයන් ගේ පෞද්ගලික තොරතුරු හුවා දක්වමින් සංසරණය වන සමාජ මාධ්‍ය තොරතුරු සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ඇති බව ලේකම්වරයා කීය.
දැනට සිදුකරන පොලිස් පරීක්ෂණ හා අනෙකුත් අභ්‍යන්තර පරීක්ෂණ මගින් මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි තොරතුරු හෙලිකර ගන්නා තුරු විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන මෙවැනි තොරතුරු සංසරණය කිරීමෙන් වළකින ලෙස අමාත්‍යංශය ඉල්ලා සිටියි.