කොලොන්නාවේ ජල ගැලීම් පාලනය කරන්න කමිටුවක්

(මුදිතා දයානන්ද)
කොලොන්නාවේ ජල ගැලීම් තත්ත්වය පාලනය කිරිමට යෝජිත නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා කමිටුවක් පත් කිරිමට කැබිනට් මණ්ඩලය තිරණය කරයි.
පසුගිය වසරේ සිදුවු ජල ගැලීම් හේතුවෙන් කොළොන්නාා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල සිදුවු හානි සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳව කරුණු අධ්‍යයනය කිරීමත්, එම ප්‍රදේශයේ ජල ගැලීම් වළක්වා ගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීමත් මෙම කමිටුවේ කාර්යභාරය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්ය නලින්ද ජයතිස්ස පවසයි.
කොළොන්නාව නගරය ප්රතිසංවිධානය සඳහා පුළුල් සංවර්ධන සැලැස්මක් සකස් කිරිමද පසුගිය වසරේ ජුනි 03 වැනිදා කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ කමිටුවේ නිර්දේශය ප්‍රමුඛතා පදනම මත කඩිනමින් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය මග පෙන්වීම සහ අධීක්ෂනය සඳහා අගමැතිනිනයගේ සභාපතිත්වයෙන් අදාළ විෂය භාර අමාත්යවරුන්ගේ සාමාජිකත්වයෙන් හා අනෙකුත් බලධාරින්ගේ සහභාගිත්වයෙන් යුත් කමිටුවක් පත් කීමට කැබිනට්ටුව තිරණය කරයි.