“එන්න පොළේ යන්න” – “සංගීතයයි සංවාදයයි” එකම තැනින්

ඇතුළුවීම නොමිලේ

“එන්න පොළේ යන්න” – “සංගීතයයි සංවාදයයි” එකම තැනින්

ටික කලෙක විරාමයකින් පසු Harmony Center සංස්කෘතික අවකාශය පසුගිය දා නැවත වැඩ ඇරඹුවේ විශාල සහෘද ප්‍රේක්ෂක ජනකායක් සමඟින්.

ඡායාරූප - සමන් අබේසිරිවර්ධන

ජනවාරි 5 වැනිදා හැන්දෑවේ No Names Collective සංගීත කණ්ඩායම සමඟ සංයෝජනය වූ රංගවේදී ප්‍රියන්ත සිරිකුමාර සමාජ සංවාද තලයකට මග විවර කළා.

ජනප්‍රිය සුගායක නදීක ජයවර්ධනගේ ඉමිහිරි ගී ගැයුම ප්‍රේක්ෂාව ගෙන ගියේ සිතිවිලි සීතල ඉසව්වකටයි.

එහිදී No Names Collective සුපුරුදු පරිදි සිය ගවේෂණාත්මක ගී අත්හදා බැලීම් කිහිපයක් සහෘදයන් වෙත ඉදිරිපත් කළ අතර ඔවුන් ඒවා භාරගත්තේ දැඩි උද්යෝගීවයි.

ප්‍රශ්නයක් ඇයි ප්‍රශ්නයක් වුණේ ? යනුවෙන් ඔවුන් ඉදිරිපත් කළ නිර්මාණය පද රචනාමය නවමු බවක් එක් කළා.

පසුව ඇති වුණ සංවාදය ඉතා හරබර බරසාර වූ අතර විවේකී සති අන්තයේ සාමාන්‍යයෙන් එවැනි වැඩසටහනකට සහභාගි නොවෙන තරම් ප්‍රමාණයේ පිරිසක් සහභාගි වීම කැපී පෙනෙන සිදුවීමක්.

මෙම සංවාදය සෙන්ටරයෙන් එළියට ගෙන ගොස් මහජනතාව අතරට ගෙන යෑමට ඔවුන් වෑයම් කරන බව සැළවෙනවා.

ඒ අනුව එළැඹෙන ජනවාරි 19 දා මහරගම පොලේ තවත් වැඩසටහනක් සූදානම් වනවා.

“සංගීතයයි සංවාදයයි” එකම තැනින්,

නවමු මිහිරි අත්දැකීමක් ලබාගන්න ඔබත් එන්න 19 වැනි ඉරිදා සවස 6.00ට මහරගම මහජන පොළට.

ඇතුළුවීම නොමිලේ.. අදම ඔබේ අසුන වෙන්කරවා ගන්න..

Share This