කොළඹ ජාතික රෝහල අර්බුදයක

කොළඹ ජාතික රෝහලේ පැක් සිස්ටම් හෙවත් තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය මීට සති දෙකකට සිට බිඳ වැටීමකට ලක්වී ඇති බව පරිපූර්ණ වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.
මෙයට හේතු වී ඇත්තේ අනවශ්‍ය දත්ත ප්‍රමාණයක් එම පද්ධතියට එකතු කිරීම එහි වියදම අධික වීම සහ මේ සම්බන්ධයෙන් නිසි බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි විමර්ශනයක් සිදු නොකිරීම මෙම තත්ත්වය ඇතිවීමට හේතු වී ඇති බවයි.
මෙම තත්වය හමුවේ රෝගීන්ට විකිරණ පරීක්ෂණ සඳහා දින ලබාදීම නවතා දමා ඇති බැවින් එම පරීක්ෂණ සිදුකිරීමට ද දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි ඒම ඒකාබද්ද මණ්ඩලය පවසන්නේ.
චන්දන ලක්මාල්