කොළඹ මහ නගර සභාව ජුනි 16 රැස්වෙයි

කොළඹ මහ නගර සභාව ජුනි 16 රැස්වෙයි

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජුනි මස 16 වන දින පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය විසිනි.

නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුවනු ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු කිසිදු පක්ෂයකට පූර්ණ බහුතරයක් නොලැබුණු අතර, ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙකම නිවේදනය කර ඇත්තේ නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල සහාය ලබාගෙන ඇති බවය.

Share This