කොළඹ – ලන්ඩන් ගුවන් ගමන් අත්හිටුවයි

කොළඹ – ලන්ඩන් ගුවන් ගමන් අත්හිටුවයි

එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ හදිසියේ වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන්වාර දෙකක් අවලංගු කර තිබෙනවා.

මෙලෙස අවලංගු කර ඇත්තේ, කොළඹ සිට ලන්ඩන් දක්වා පස්වරු 12.50ට කොළඹ සිට ලන්ඩන් දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ UL 503 දරණ යානය සහ පස්වරු 08.40ට ලන්ඩන් සිට කොළඹ දක්වා ගුවන් කිරීමට නියමිතව තිබූ UL 504 යානයයි.

හීත්‍රෝ ගුවන්තොටුපොළ නැවත විවෘත කළ වහාම ලන්ඩනයට ගුවන් ගමන් නැවත ආරම්භ කරනු ඇති බව සඳහන්.

ගුවන් ගමන් සම්බන්ධයෙන් වැඩිවිස්තර සඳහා දේශීය මෙන්ම විදේශී මගීන්ට දුරකතන අංක ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් හඳුන්වාදී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සිටින මගීන් 1979 යන ක්ෂණික දුරකතන ඇමතුම් අංක ඔස්සේ අදාළ විස්තර ලබාගත හැකියි. ජාත්‍යන්තර මගීන්ට +94117 77 1979 හෝ +94744 44 1979 යන වට්ස්ඇප් අංකය හරහා අදාළ තොරතුරු ලබාගත හැකි වනවා.

Share This