“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ජනවාරි 01 ඇරඹේ

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ජනවාරි 01 ඇරඹේ

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ජනවාරි 01වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා නාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බළකායක් පසුගිය දා ස්ථාපිත කෙරුණා.

එම සාමාජිකයින් 18 දෙනා පහතින් දැක්වෙනවා.

01- ආචාර්ය එන්. එස්. කුමානායක – ජනාධිපති ලේකම්
02.⁠ ⁠යුද හමුදාපති
03.⁠ ⁠නාවික හමුදාපති
04.⁠ ⁠ගුවන් හමුදාපති
05.⁠ ⁠ඩබ්ලිව්. එල්. ඒ. සමන් ප්‍රියන්ත – වැඩ බලන පොලිස්පති
06.⁠ ⁠ඉංජිනේරු කුමුදු ලාල් ද සිල්වා -සභාපති, නාගරික සංවර්ධන අධිකාරිය
07.⁠ ⁠අයි. එස්. ජයරත්න
08.⁠ ⁠ගිහාන් ද සිල්වා
09.⁠ ⁠සන්ධ්‍යා සල්ගාදු
10.⁠ ⁠ආචාර්ය ගාමිණි බටුවිටගේ
11.⁠ ⁠ආචාර්ය අනුරුද්ධ ගමගේ
12.⁠ ⁠දිල්රුක් වනසිංහ
13.⁠ ⁠දීපාල් සූරියාරච්චි
14.⁠ ⁠සිසිර අමර බන්දු
15.⁠ ⁠ක්‍රිෂාන්ත කුරේ
16.⁠ ⁠ජයතු පෙරේරා
17. රුවන් වීරසුරිය
18. දයාන් කරුණාරත්න

සමාජයීය පාරසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීම අරමුණු කර ගැනීමට සඳහා ”ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සාමාලෝචනය සහ නියමිත කාල රාමුවක අවසන් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරී තිබෙනවා.

Share This