Clean Sri Lanka අරමුදලට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
“Clean Sri Lanka අරමුදල” නමින් අරමුදලක් පිහිටුවීට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ අදාළ අරමුදල ස්ථාපිත කිරීමට නියමිතයි.
මෙරට දේශපාලනික, සමාජයීය, අධ්‍යාත්මික මෙන්ම පරිසර වශයෙන් ද සැලකිය යුතු පසුබෑමකට ලක්වී තිබෙනවා.
එය සැලකිල්ලට ගනිමින් මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව සහ ප්‍රගමණය තහවුරු කිරීම තුළින් ජාතික අපේක්ෂාව සාක්ෂාත කර ගැනීම සඳහායි “Clean Sri Lanka” වැඩසටහන සැලැසුම් කර ඇත්තේ.
“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන නව රජයේ දැක්ම අනුව මෙහෙයවනු ලබන මෙම පරිවර්තනීය මුල පිරීම සාමාජීය, පාරිසරික හා ආචාර්ධර්මීය පිබිදීමක් ඉලක්ක කරගනිමින් ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ඇති.
ඒ සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමටත්, වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම පිණිස සඳහා අදාළ අරමුදල පිහිටුවීමට තීරණය කර ඇත්තේ.