ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන CIDයෙන් පරීක්ෂණ

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන CIDයෙන් පරීක්ෂණ

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් මඟින් නිකුත් කරන ටිකට් පත් වැඩි මිලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කරමින් සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුව මොබිටෙල් ආයතනය සමග ඔන්ලයින් මාර්ගයෙන් ටිකට් පත් අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව ඔන්ලයින් මාර්ගයෙන් කෙටි වේලාවක් තුළ ටිකට් පත් ලබාගෙන ඒවා වැඩි මිලකට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළා.

Share This