CIDය දේශබන්දුගෙන් පාතාල සබඳතා ගැන පැයක පමණ කාලයක් ප්‍රශ්න කරයි.
මහනුවර පිහිටි නිවසේ පාතාලයේ අපරාධකරුවන් දෙදෙනකු රැඳී සිටි බව කියන සිදුවීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) පැයක පමණ කාලයක් ප්රශ්නකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
අම්බලන්ගොඩ නගර සභාවට සමගි ජන බලවේගය පක්ෂයෙන් කණ්ඩායම් නායක ලෙස ඉදිරිපත් වූ විදුලි උපාංග අලෙවි කිරීමේ ප්රමුඛතම ආයතනයක අම්බලන්ගොඩ ප්රදර්ශනාගාරයේ කළමනාකරු හිරාන් කෝසලට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් බව කියන මහනුවර පිහිටි නිවසේ පාතාල අපරාධකරුවන් දෙදෙනෙක් රැඳී සිටි බව අනාවරණය වී තිබුණා. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් එම නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ද සිදු කර තිබුණා. මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැයක පමණ කාලයක් දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ප්රශ්නකර තිබුණා.

