තරබාරු ළමයි වැඩි නිසා පාසල්වල ශාරීරික අධ්‍යාපනයට ප්‍රමුඛත්වය

තරබාරු ළමයි වැඩි නිසා පාසල්වල ශාරීරික අධ්‍යාපනයට ප්‍රමුඛත්වය

පාසල්වල ශාරීරික අධ්‍යාපනය ශක්තිමත් කිරීම ඉලක්ක කර ගනිමින් නව පියවර හඳුන්වාදීමට චීන රජය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ශාරීරික අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දිය යුතු බවයි රජය පවසන්නේ.
පාසල් විශය මාලාවේ ද්විතීයික විෂයයක් වෙනුවට ශාරීරික අධ්‍යාපනය විෂය මූලික අංගයක් බවට පත් කර ඇති බව සඳහන්.

මෙලෙස නව ප්‍රතිපත්ති හඳුන්වාදී ඇත්තේ චීනයේ ළමා තරබාරුකම වැඩිවීම නිසයි.

ඒ පිළිබඳ වැඩිවන කනස්සල්ල මධ්‍යයේ වඩාත් “සම්පූර්ණ අධ්‍යාපනයක්” සඳහා ශාරීරික අධ්‍යාපනයට දරුවන් යොමු කළ හැකි බව චින බලධාරීන් පවසනවා.

ප්‍රාථමික සහ ද්විතීයික පාසල්වල ශාරීරික අධ්‍යාපන ගුරුවරුන්ට චීන, ගණිතය සහ ඉංග්‍රීසි වැනි විෂයයන් උගන්වන ගුරුවරු මෙන්ම සමානව සැලකීම සහතික කළ යුතු අතර, පාපන්දු, පැසිපන්දු සහ වොලිබෝල් වැනි ප්‍රධාන ක්‍රීඩා සංවර්ධනය කිරීමට උත්සාහ ගත යුතු ‍යයි චීන අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා.
ඒ මගින් දරුවන්ගේ තරබාරුකම අඩු කිරීමට මෙන්ම ඔවුන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන සෞඛ්‍ය ගැටළු මගහරවා ගැනීමට හැකිවණු ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ.

Share This