ලෙඩ වැඩි සීතල වැඩි නිසා
චීන වෛරසය ගැන කලබල විය යුතු නෑ
මේ දිනවල චීනයේ පැතිර යමින් පවතින වෛරසය ‘ශීත ඍතුවේ සිදුවීමක්’ ලෙස චීනය හඳුන්වනවා.
ශීත කාලයේදී මෙවැනි රෝග හිස ඔසවන බැවින් කලබල නොවිය යුතු බවයි ඉන්දියාවද පවසන්නේ.
නමුත් මීට වසර 05කට පෙර චීනයෙන් හටගත් කොවිඩ් වෛරසය නිසා ලොව පුරා රටවල් චීන්යේ ඇතිව තිබෙන මෙම තත්ත්වය පිළිබඳව දැඩි ලෙස නිරීක්ෂණය කරමින් සිටින බව සඳහන්.
COVID-19 ට සමාන උණ වැනි රෝග ලක්ෂණ සහිත ශ්වසන රෝගයක් වන හියුමන් මෙටාප්නියුමෝ වයිරසය (HMPV) චීනයේ පැතිරීම ගෝලීය වශයෙන් සෞඛ්‍ය ගැටළු මතු කර ඇති බවට මෙතෙක් චීනය හෝ ලෝක සෞඛ්‍ය සංවිධනාය නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.
චීනයේ රෝහල්වල මුහුණු ආවරණ පැළඳ සිටින පුද්ගලයින්ගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය වේදිකාවල මේ දිනවල දකනට ලැබෙනවා
කොවිඩ් වෛරසය ගෝලීය වශයෙන් මිලියන 7 කට අධික මරණවලට හේතු වූ නිසා ජනතාව බියෙන් පසුවන බවත් සඳහන්.
එවැනි ගැටළු විසඳීම සඳහා චීනය මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ, ශීත සමයේදී ශ්වසන ආසාදන වැඩි වීම සාමාන්‍ය බවයි.
චීන රජය චීන පුරවැසියන්ගේ සහ චීනයට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන බවත්,චීනයේ සංචාරය කිරීම ආරක්ෂිත බවත් චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පවසනවා.
කොවිඩ් 19 මගින් දරුණුතම බලපෑමට ලක් වූ ඉන්දියාවද පවසන්නේ චීනයේ මානව මෙටාප්නියුමෝ වයිරසය (HMPV) පැතිරීම පිළිබඳව කලබල නොවන ලෙසයි.