නයිජීරියානු ප්‍රදර්ශනයක ඇති වූ තදබදයකින් ළමයින් මරුට
නිරිතදිග නයිජීරියාවේ ඉබාදාන් නගරයේ ප්‍රදර්ශනයක ඇති වූ තදබදයකින් ළමුන් කිහිප දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් බොහෝ දෙනෙක් රෝහල් ගත කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.
නමුත් තුවාල ලැබූවන්ගේ නිශ්චිත සංඛ්‍යාව මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවයි නයිජීරියානු බලධාරීන් සඳහන් කරන්නේ.
මෙම උත්සවයට නොමිලේ ඇතුළුවීමට හැකියාව ලබා දී ඇති අතර විශාල පිරිසක් එයට සහභාගී වී තිබෙනවා.
ළමුන් 5,000 කට අධික සංඛ්‍යාවක් එම ස්ථානයට රැස්ව සිටි බවත්, ප්‍රධාන සංවිධායකයින් උත්සවය ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේදී මෙම තදබදය ඇති වූ බවයි ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ.
මෙම තෙරපුමට තුඩු දුන් සිදුවීම් අනුපිළිවෙල අනාවරණය කර නොමැති නමුත් වින්දිතයින් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත ගෙන ගොස් ඇති නිසා තම දරුවන් සිටින ස්ථානය පිළිබඳව සැලකිලිමත් වන දෙමාපියන් නගරයේ රෝහල්වලට ගොස් පරීක්ෂා කරන ලෙස බලධාරීන් ඉල්ලා තිබෙනවා.