උසස් පෙළ දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයයි

උසස් පෙළ දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයයි

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත් වෙමින් සිටින බවත්, කුමන සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අගමැතිනිය පෙන්වා දෙන්නේ, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙනකරන සෑම ප්‍රතිපාදනයක්ම දිගුකාලීන ප්‍රතිලාභ ලැබෙන ආයෝජනයක් බවයි.

අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

වර්තමානයේ පාසල්වල උසස් පෙළ පන්ති කාමරවල දරුවන්‍ රැඳී සිටින්නේ ඉතා අඩුවෙන් බවද විශේෂයෙන් පිරිමි දරුවන් අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝදුරට ඈත්වෙමින් සිටින බවද අගැමතිනිය පවසනවා.

පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට දහතුන් වසරක පාසල් අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා සෑම දරුවකුටම විවිරව තිබිය යුතු බවද පුද්ගල හා සමාජ පරිවර්තනයක් සිදු කිරීම අධ්‍යාපනයේ මුඛ්‍ය අරමුණ බවට පත්කර ගත යුතු බවයි ඇය සඳහන් කළේ.

ජනතාව ඉල්ලා සිටින සමාජ පරිවර්තනය සිදු කිරීම වෙනුවෙන් අධ්‍යාපනයේ ද පරීවර්ථනීය වෙනසක් සිදුකළ යුතු බවද ඒ් සඳහා ප්‍රවේශවීමට මෙරට දරුවන්ට අවස්ථා විවර කරදීම සඳහා තම රජය ක්‍රියා කරන බවද අගමැතිනිය පෙන්වා දෙනවා.

සමාජයට වගකියන පුරවැසියකු බිහි කරගැනීම සඳහා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන සෑම ප්‍රතිපාදනයක්ම රටේ ඉදිරි ආයෝජනයක් ලෙස සළකන බවද එය දිගුකාලීන ප්‍රතිලාභ හිමි සංකීර්ණ ක්‍රියාවලියක් බවද අගමැතිනිය සඳහන් කළා.

ඒ් වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයට සුවිශේෂ කාර්යභාරයක් පැවරෙන බවයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කලේ.

Share This