වයස අවුරුදු 10ක් තරම් කුඩා දරුවන්ටත් වැඩිහිටි සිර දඬුවම් ! – ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක් ගත් තීරණය
මිනීමැරුම්, බරපතල පහරදීම් වැනි අපරාධවලට වරදකරු වුවහොත් වැඩිහිටියන්ට සමාන දඬුවම්වලට අවුරුදු 10 ක් වයසැති ළමයින්ට ද යටත් වීමට සිදුවන පරිදි ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය මඟින් නීති සම්මත කර තිබෙනවා.
තරුණ පිරිස් විසින් සිදු කරනු ලබන අපරාධ වැළැක්වීමක් ලෙස මෙවන් දැඩි දඬුවම් නියම කිරීමේ නීති ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඊට ප්‍රතිචාර වශයෙන් ඇතැම් පිරිස් අවධාරණය කර ඇත්තේ, දැඩි දඩුවම් මගින් තරුණ අපචාර අඩු නොවන බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මෙම නව ප්‍රතිසංස්කරණය විවේචනය කර ඇති අතර, ඒවා ළමා මානව හිමිකම් පිළිබඳ සම්මුතීන් නොසලකා හරින බවත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බවත් තර්ක කර ඇති බව සඳහන්.
බ්‍රහස්පතින්දා (12) පාර්ලිමේන්තුව පනත සම්මත කිරීමෙන් පසු ඩේවිඩ් ක්රිසාෆුලි සඳහන් කර තිබුණේ, මෙම නීති ප්‍රාන්තය පුරා අනාරක්ෂිත යැයි හැඟුණු සහ තරුණ අපරාධවලට ගොදුරු වූ සෑම ක්වීන්ස්ලන්ත වැසියෙකු සඳහාම වන බවයි.