කුකුල් මස් මිල ඉහළට

කුකුල් මස් මිල ඉහළට

කුකුල් මස් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව පාරි‌භෝගික ජනතාව පවසනවා.

උත්සවය සමය ආරම්භ වීමත් සමඟ ඇතැම් පිරිස් අධික ලාභ ලැබීමේ අරමුණින් මිල ඉහළ දමා ඇති බවයි, ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ.

පසුගිය දිනවල පණ සහිත කුකුලන්ගේ මිල ගණන් වැඩි කිරීමට ගොවිපළහිමියන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මේ වනවිට කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1500කට ආසන්නවී ඇති බවයි අසේල සම්පත් පෙන්වා දෙන්නේ.

නොවැම්බර් මස 14 වැනිදා අදාළ කුකුලන්ගේ මිල රුපියල් 40කින් ඉහළ දමා තිබෙනවා. එම මස 17 වැනිදා රුපියල් 20කින්, 18 වැනිදා රුපියල් 40කින් සහ 22 වැනිදා රුපියල් 20කින් ද මිල වැඩි කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

දෙසැම්බර් මස පළමුවැනිදා රුපියල් 10කින්, හතරවැනිදා රුපියල් 20කින් පස්වෙනිදා රුපියල් 20කින් සහ 13 වැනිදා වන අද දින රුපියල් 20කින් පණ සහිත කුකුලන් කිලෝවක මිල ඉහළ දමා ඇති බව සඳහන්.

මෙලෙස මිල ඉහළ දැමීම සම්බන්ධඡයෙන් රජය මැදිහත්වී සුදුසු පියවරක් ගත යුතු බව ද අසේල සම්පත් මහතා අවධාරණය කළා.

මේ සම්බන්ධයෙන් ඔහු අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා කරුණු පැහැදිලි කිරීමට නියමිතයි.

Share This