චන්දි අවාසනාවන්ත වෙයි

චන්දි අවාසනාවන්ත වෙයි

බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී දිනේෂ් චන්දිමාල් ලකුණු 93ක් ලබාසිටියදී දැවිගියේය.

ඒ අනුව ඔහුට සිය 17 වන ටෙස්ට් ශතකයයි.

බංගලාදේශය ලබා ගත් ලකුණු 247ට පිළිතුරු ලෙස දෙවන දිනය සඳහා තරගය නතර කරනවිට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 290කි.

ඒ අනුව ඔවුන් බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 43ක් ඉදිරියෙන් පසුවෙති.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශයට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 247ක් පමණයි.

එහිදී ශඩ්මාන් ස්ලාම් ලකුණු 46ක්, මුෂ්ෆිකර් රහීම් ලකුණු 35ක් සහ ලිටන් දාස් ලකුණු 34ක් රැස්කරගත්තහ.

පන්දුයැවීමේදී අසිත ප්‍රනාන්දු සහ සොනාල් දිනුෂ කඩුලු තුන බැගින් දවාගත්තහ.

පන්දුවට පහරදීමේ ශ්‍රී ලංකා වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 146ක් ලබාගත් අතර එය ඔහුගේ ටෙස්ට් දිවියේ සිව් වන ශතකය වේ.

මෙම තරගය පැවැත්වෙන්නේ එස්.එස්.සී ක්‍රිකට් ක්‍රීඩාගංගණයේදීය.

Share This