චමින්ද විජේසිරි බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

චමින්ද විජේසිරි බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තීරණය කර තිබේ.

ඊට අදාළ ලිපිය අද (23) පෙරවරුවේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදී ඇති බවට තොරතුරු වාර්තා වේ.

2024 නොවැම්බර් මස පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වුණේය.

චමින්ද විජේසිරි මහතා 2020 පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් ද බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ අතර 2024 ජනවාරි මාසයේදී මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේය.

Share This