චාමර සම්පත් දසනායක රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අප්‍රේල් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, රාජ්‍ය බැංකුවකින් මුදල් ඉල්ලා කළමනාකරවරයා එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පළාත් සභාව පවත්වාගෙන ගිය සියලු ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත්කර ගැනීමෙන්, රජයට රුපියල් ලක්ෂ 173 පාඩුවක් කළ බව කියන චෝදනාවටයි.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔහු අද අල්ලස් කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.
එහිදී චෝදනා තුනක් යටතේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අතර ඉන් චෝදනා දෙකකට ඇප හිමි වුණා.
රාජ්‍ය බැංකු දෙකකින් රුපියල් මිලියන 2.5ක මුදලක් ඌව පළාත් සභාවට ලබාගෙන එය ‘චාමර දසනායක පදනමේ’ ගිණුමට බැර කරවා ගැනීම ඔහුට එල්ල වූ තවත් චෝදනාවක් වනවා.
තවත් රාජ්‍ය බැංකුවකින් පළාත් සභාවට ලබාගත් මිලියනයක මුදලක් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස බැංකු ශාඛාවකින් ඍජුව ඔහුගේ අතට ලබාගැනීම මන්ත්‍රීවරයාට එල්ල වූ අනෙක් චෝදනාව වන බව සඳහන්.