එක්සත් රාජධානියේ ඉන්දු පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ඉන්දු පැසිෆික් කලාපය සඳහා විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාල අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අද (27) පැවැත්වුණා.
එහිදී දරිද්‍රතාවය තුරන් කිරීම, ප්‍රාදේශීය සංවර්ධනය සහ ආර්ථික සමානාත්මතාවය ඇතුළු ප්‍රධාන රජයේ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡාවට කෙරුණු බවයි, අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන මුලපිරීම් සහ “Clean Sri Lanka” වැඩසටහන පිළිබඳවද අදහස් හුවමාරු කරගත් බව සඳහන්.
ආචාර්ය අමරසූරිය මෙනෙවිය ජාතික ප්‍රගතිය කරා මෙහෙයවීමේදී සමාජ වගකීම් සහ සියල්ල ඇතුළත් පාලනයේ වැදගත්කම ඉස්මතු කර සිටියා.
මෙම හමුවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick ද සහභාගී වුණා.
ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු අමෙරිකානු අංශයේ සහකාර අධ්යක්ෂ දමිත්‍රි සමංගිකා මහත්ම, මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.